තහනම් දැල් භාවිත කළ 12ක් අත්අඩංගුවට

සැප් 11, 2020

    නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 12 ක් සහ ධීවර ආම්පන්න රැසක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    මෙහිදී, පූනරීන් පල්ලිකුඩා වෙරළ නීරීක්‍ෂණ මුර කුටියට ආසන්න වෙරළ තීරයේත්, මුලතිව් චෙන්මලෙයි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේත්, මඩකළපුව කොටුවමඩ ප්‍රදේශයේත්, මන්නාරම අරිප්පු මුහුදු තීරයේත් මෙම මෙහෙයුම් සිදු කෙරිණ.

    තහනම් දැල් භාවිතා කර ධීවර කර්මාන්තයේ නියැලීම සහ විදුලි ආලෝක ධාරාවන් භාවිතා කර ධීවර කර්මාන්තයේ යෙදීම යන හේතූන් මත මොවුන් අත්අඩංගුවට ගැනිණු අතර ධීවර යාත්‍රා 07ක් සහ තහනම් ධීවර දැල් ඇතුළු තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගැනිණ.

    මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් පූනරීන්, මදුරන්කුලිය, මුලතිව් සහ කල්පිටිය ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 19ත් 58ත් අතර වයසේ පසුවන්නන්.

    සැකකරුවන්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මුලතිව් සහ මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂකවරුන් වෙතත් පුනරීන් සහ මන්නාරම ධීවර පරීක්‍ෂකවරුන් වෙතත් භාරදීමට කටයුතු කෙරිණ.

    Latest News