තවත් ලාංකිකයින් 472ක් දිවයිනට

සැප් 11, 2020

    මැදපෙරදිග රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 472 දෙනෙක් අද (11) දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 405ක් හා කටාර් රාජ්‍යයේ, දෝහා සිට ශ්‍රී ලාංකිකයන් 67 දෙනෙක් ද, අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

    ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපොළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව පෞද්ගලික සංචාරක හෝටල්වල නීරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව වාර්තා වෙයි.

    Latest News