අද රතුඑළිය, වවුනියාව ආර්ථික මධ්‍යස්ථානයට (වීඩියෝ)

සැප් 08, 2020
  • මේ වවුනියාවේ ගොවි ජනතාව තම නිෂ්පාදන අලෙවි කරන ආකාරයයි.

    ආර්ථික මධ්‍යස්ථාන සංකල්පය වවුනියාවට ද පැමිණියේ ගොවි ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින්. 

    රුපියල් මිලියන 291ක වියදමින් ඉදිකෙරුණු මෙම ආර්ථික මධ්‍යස්ථානය, කඩ කාමර 50කින් සමන්විතයි. 

    මීට වසර දෙකකට පෙර මෙහි ඉදිකිරීම් නිම කෙරිණ. 

    තවමත් මෙම මධ්‍යස්ථානය විවෘත කර නොමැත.

    ජනතා මුදල් මෙලෙස විනාශ වීම කෙතරම් අභාග්‍ය සම්පන්නද? වෙළෙඳ අමාත්‍යතුමණි, කෘෂිකර්ම අමාත්‍යතුමණි ඔබටයි මේ රතු එළිය.

    Last modified on අඟහරුවාදා, 08 සැප්තැම්බර් 2020 20:08

    Latest News