නායයාමේ අවදානමක් සහිත පාසලක් (වීඩියෝ)

සැප් 28, 2020
  • හල්වතුර දෙමළ මහා විද්‍යාලයේ 3, 4, 5 ශ්‍රේණිවල දරුවන් සිය අධ්‍යාපන කටයුතුවල නිරතවන්නේ පාසල ආසන්නයේ පවතින නිවාසවල බිම වාඩිවී ගෙනයි.

    ඒ, 2017 වසරේ සිට පාසල නායයාමේ අවදානමකට ලක්ව තිබීම හේතුවෙනි.

    පාසලේ සිසුන් 550කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරයි. නායයාමේ අවදානමකට ලක්ව තිබුණ ද, පාසලේ 3,4,5 ශ්‍රේණිවල දරුවන් හැරෙන්නට අනෙකුත් වසරවල දරුවන් තවමත් එම පාසලේම ගොඩනැගිලිවල අධ්‍යාපනය හදාරයි.

    දරුවන්ගේ ජිවිත මෙලෙස අවදානමකට ලක්ව තිබීම කෙතරම් අභාග්‍ය සම්පන්නද? මොවුන්ට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය මුලික පහසුකම්වත් ලබාදීම බලධාරීන්ගේ යුතුකමක් නොවන්නේද? අධ්‍යාපන අමාත්‍යතුමනි, ඔබටයි මේ රතුඑළිය.

    Last modified on සදුදා, 28 සැප්තැම්බර් 2020 20:12

    Latest News