'නිව් ඩයමන්ඩ්' නැවේ නැවත ඇති වු ගින්න පාලනය කෙරේ

සැප් 08, 2020

    “MT New Diamond“ නෞකාවේ යළි ඇති වූ ගින්න පාලනය කිරීමට මේ වන විට හැකි වී ඇති බව නාවික හමුදාව පවසයි.

    අධික සුළං ප්‍රවාහය හා නෞකාවේ ලෝහ මත පවතින උෂ්ණත්වය හේතුවෙන් ඊයේ පස්වරුවේ යළි හටගත් ගින්න තවදුරටත් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

    නෞකාවේ ගින්නෙන් සමුද්‍ර දූෂණයක් සිදුව ඇත්ද යන්න සොයාබැලීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, නාරා ආයතනය හා රුහුණු විශ්වවිද්‍යාලයට අයත් පරීක්‍ෂණ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම මේ වනවිට අදාළ මුහුදු ප්‍රදේශය වෙත ගොස් සිටියි.

    Latest News