'නිව් ඩයමන්ඩ්' නෞකාවේ ගින්න සාර්ථකව මැඩ පවත්වයි

සැප් 05, 2020

    ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ MT-New Diamond නෞකාවේ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවූ බව නාවික හමුදාව සදහන් කරයි.

    ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මේ බව තහවුරු කරමින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ ඊයේ රාත්‍රී 7.00 පමණ වන විට MV New Diamond නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි.

    එමෙන්ම ගිනි ගත් ඉන්ධන නෞකාව ගොඩබිම දෙසට ඇදී ඒම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කරයි.

    Latest News