සාලියවැව රිය අනතුරකින් පස් දෙනෙක්ට තුවාල

සැප් 07, 2020

    පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සාලියවැව දී සිදුවූ බස් රථ අනතුරකින් 05 දෙනෙක් තුවා ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කල බව සාලියවැව පොලීසිය පවසයි.

    වව්නියාවේ සිට කොළඹ දක්වා ධාවන වූ මෙම සුඛෝපභෝගි බස් රථය පුත්තලම - අනුරාධපුර මාර්ගයේ විස්සයි භාග ප්‍රදේශයේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ ඉදිරියෙන් නවතා තිබූ කැබ් රථය පිටු පස වැදී එයද ඉදිරියට තල්ලුකරගෙන මාර්ගයෙන් ඉවතට පෙරළී තිබේ.

    අනතුරු සිදුවන විට බස් රථයේ මගීන් 23 දෙනක් සිට ඇති අතර එයින් පස් දෙනකු තුවාල ලබා නොච්චියාගම රෝහලටත් පසුව එයින් තිදෙනෙක් අනුරාධපුර රෝහලටත් මාරුකර යවා තිබේ.

    අනතුරින් කැබ් රථය හා බස් රථයට දැඩි හානී සිදුවී තිබේ.

    සිද්ධිය පිළිබදව බස් රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලීසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වනු ලබයි.

    Latest News