විදුලි බලාගාරයේ වැඩට ගිය කාර්මිකයාගේ සිරුර ඇළ මාර්ගයක

සැප් 04, 2020

    නොර්වුඩ් පොලිස් වසමට අයත් කර්කස්වොල් වතු යායේ විදුලි බලාගාරයේ වැඩට ගිය විදුලි කාර්මිකයාගේ සිරුර එම වත්තේ ඇළ මාර්ගයක තිබි (04) දින හමු වු බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

    42 හැවිරිදි තිදරු පියෙකු වන එම විදුලි කාර්මිකයා බගවන්තලාව කර්කස්වොල් වතුයායේ පදිංචිකරුවෙකි.

    අද (04) උදැසන 7.30ට පමණ නිවසින් එම වතු යායට අයත් විදුලි බලාගාරයේ වැඩට ගිය ආරුමුගන් රවිකුමාර්ගේ සිරුර එම විදුලි බලාගාරයට ජලය ලබා ගන්නා ඇළ මාර්ගයේ තිබෙන බවට එම ඇළ මාර්ගය අසළ තෘණ කැපිමට ගිය වතු කම්කරුවෙකු දැක ඒ පිලිබදව වතු පාලන අධිකාරියට දැනුම් දිමෙන් පසු වතු පාලන අධිකාරිය විසින් පසුව නොර්වුඩ් පොලිසියට දැනුම් දි ඇත.

    එම විදුලි බලාගාරයට ජලය ලබා ගනු ලබන්නේ මෙම ඇළ මාර්ගය හරස් කරමින් නිසා ජල විදුලි බලාගාරයේ වැඩට ගිය විදුලි කාර්මිකයා ඇළ මාර්ගයට වැටෙන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය සැකකරයි.

    හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරිකෂාව සදහා සිරුර දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

    Latest News