වසර 6ක් තිස්සේ සැලසුමකට සීමා වූ මා ඔයේ පාලම (වීඩියෝ)

සැප් 04, 2020
  • මා ඔය හරහා පාලමක් නොමැතිකමින් ගම්මාන 40ක ජනතාවට සිය දෛනික රාජකාරි සිදුකර ගැනීමේ දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිනවා.

    අලව්ව, තුල්හිරිය, බුජ්ජමුව, නවතල්වත්ත යන ප්‍රදේශවල ජනතාව මා ඔය හරහා පාලමක් ඉදි නොවීම හේතුවෙන් ජීවිත අවධානමක් සහිතව මා ඔය තරණය කරනවා.

    2014 වසරේ දී මෙම ස්ථානයේ පාලමක් ඉදිකිරීමට කටයුතු සම්පාදනය වූ අතර, අදාළ මිල ගණන් කැඳවනු ලැබුවා. එය හුදෙක් සැලසුමකට පමණක් සීමා වී ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. එම පාලම කඩිනමින් ඉදිකර දෙන මෙන් එම ජනතාවට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News