පිපිරුමකට ලක් වූ නැවේ තෙල් සංචිතවලට බලපෑමක් නෑ

සැප් 04, 2020

    “නිව් ඩයමන්ඩ්” නැමැති ඉන්ධන නෞකාවේ සිදු වූ පිපිරීම නිසා එහි ඉන්ධන සංචිතවලට බලපෑමක් සිදුව නැති බව නාවික හමුදාව පවසනවා.

    සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක දුරකින් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී මෙම පිපිරීම ඊයේ සිදුවිය.

    ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද ඊයේ සවස යොදවනු ලැබුවා. තවද තවත් යානයක් මගින් ගුවනේ සිට නිරීක්ෂණය කෙරෙන බවයි ගුවන් හමුදාව පවසන්නේ.

    Latest News