පූර්ණ සුවය ලැබූ ගණන 2,883ක්

සැප් 03, 2020

    මේ වන විට රෝගීන් 206 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    පුද්ගලයින් 2,883 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පියව ගොස් තිබේ.

    අද දිනය තුළ පුද්ගලයින් 443ක් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව යෑමට නියමිතයි.

    එසේම අද වන විට පුද්ගලයින් 35,780ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබේ. ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 74ක පුද්ගලයින් 8,239 ක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 2020ක් සිදුකර ඇති අතර මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 230,547ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News