6-13 ශ්‍රේණි ඉගැන්වීම් අද සිට සාමාන්‍ය පරිදි

සැප් 02, 2020

    රජයේ සියලු පාසල්වල 6 වන ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අද (02) සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරෙනවා.

    ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙනු ඇති.

    නමුත් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප‍්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් යළි විවෘත වන්නේ සැප්තැම්බර් 8 වන සඳුදා දින සිටයි.

    කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලබා දුන් නිවාඩුව අවසන් කරමින් ඉකුත් අගෝස්තු 10 වනදා සිට සියලූ රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා. එහිදී පාසැල් විවෘත කෙරුණේ අදියර කිහිපයක් යටතේයි.

    Latest News