දිස්ති‍්‍රක්ක 4 කට නායයෑම් අනතුරු ඇගවීම්

සැප් 02, 2020

    පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 4 කට නායයෑම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

    එම දිස්ති‍්‍රක්ක වන්නේ ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුරයි. ඒ අතරින් ගාල්ල දිස්ති‍්‍රක්කයේ ඇල්පිටිය, නාගොඩ සහ බද්දේගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත්, කළුතර දිස්ති‍්‍රක්කයේ පාලින්දනුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් දෙවන මට්ටමේ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් සියය ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතින්නේ නම් නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම්, පොළව ගිලා බැසීම් හා බෑවුම් කඩා වැටීම් ඇති විය හැකි බවටයි අනතුරු අඟවන්නේ. නායයෑම් ලක්ෂණ ලෙස පොළොවේ ඇතිවන ඉරිතැලීම්, අගන්තුක දිය උල්පත් ඇතිවීම හෝ දිය උල්පත් සිඳීයාම, ගස් ඇල වීම ලෙස සඳහන් කරනවා. ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වී ආරක්‍ෂිත පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටිනවා.

    Latest News