අද ඇතැම් ස්ථානවලට 100mmට වැඩි තද වැසි

සැප් 02, 2020

    දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද (02) දිනයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළගේ වේගය ක්ෂණිකව පැ. කි. මි (70-80) දක්වා ඉහල යා හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී.

    අද දහවල් 12:09ට මදුරන්කුලිය, තල්ගස්වැව, හුණුගල්ලෑව, මනම්පිටිය සහ කල්කුඩා ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News