වියළි කාලගුණය නිසා පානීය ජලයටත් සීමා

සැප් 01, 2020

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පානීය ජලය ලබා දීම සීමා කිරීමට සිදුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර සිඳී පැවතීම හේතුවෙන්. මෙවැනි තත්වයක් මත පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ජලය පැය 24 පුරා අඛණ්ඩව බෙදා හැරීම සීමා කිරීමට සිදුවනු ඇති.

    එම මණ්ඩලය පවසන්නේ, මේ හේතුවෙන් උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවයි. හැකිතාක් දුරට ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි, එම මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News