තවත් ලාංකිකයින් 640ක් දිවයිනට

සැප් 01, 2020

    මැද පෙරදිග රාජ්‍යයන් වන කටාර්,කුවේට් සහ එක්සත් අරාබි හි සිට ශ්‍රී ලාංකිකයන් 640 දෙනෙක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

    කුවේට්හි සිට 293ක් පැමිණි අතර කටාර් රාජ්‍යයේ දෝහාර් සිට ශ්‍රී ලාංකයින් 59 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙක් ඩුබායි හි සිට මෙරට පැමිණියේ. මොවුන් අතර ද කුඩා දරුවන් 3 දෙනෙක් වෙයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ චීන අයෝජන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් 168 දෙනෙක් රැගත් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

    Latest News