මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටස ඇරඹේ (වීඩියෝ)

අගෝ 26, 2020
  • කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් වැඩ ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (26 ) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

    අවුරුදු පහක් තිස්සේ වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කොටසේ ඉදිකිරීම වෙනුවෙන් මූලික අත්තිකාරම් මුදල වන කොන්ත්‍රාත් මුදලින් 15% ක් දේශීය අරමුදල්වලින් ගෙවිය යුතුව තිබූ අතර එම අත්තිකාරම් මුදල වන රුපියල් බිලියන 16.67 ක් ඊයේ (25) දින කොන්ත්‍රාත් ආයතනය වෙත ගෙවන ලදී.

    ටෙන්ඩර් ප්‍රධානය කර තිබුණත් වසර 05 ක් තිස්සේ යහපාලන රජයේ අකාර්යක්ෂම හා අදූරදර්ශී පාලනය නිසා වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් වහාම අරම්භ කරන ලෙස මහාමාර්ග අමාත්‍යශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි මහතාට උපදෙස් ලබා දුන් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතා කීය.

    මෙම අධිවේගී මාර්ග කොටසෙහි දුර ප්‍රමාණය කිලෝමීටර 36.54 කි පලල මීටර 24.4 ක් වන අතර මන්තීරු හතරකින් සමන්විතය. ගුවන් පාලම් දුර කිලෝමීටර 13.24 කි. මේ සදහා ඇස්තමේන්තු කර ඇති කොන්ත්‍රාත් මුදල රුපියල් බිලියන 158 කි.

    පසුගිය රජය විසින් ප්‍රමාද කරන මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් ඉදිකරන බවත් යහපාලන රජයේ අදූරදර්ශි අකාර්යක්ෂම හා අක්‍රමවත් පාලනය නිසා වැඩ ආරම්භ නොකල හේතුවෙන් වැඩිපුර රුපියල් බිලියන 25 ක මුදලක් මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා ගෙවීමට සිදුවී ඇති බවද අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වහාම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බවත් එම කොටස වසර 4 කින් නිම කිරීමට සැලසුම් කර තිබුණත් වසර 3 ක් ඇතුලත මෙහි ඉදිකිරීම් වේගවත් කොට අවසන් කර ජනතා අයිතියට පත්කරන බවද අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.

    Last modified on බදාදා, 26 අගෝස්තු 2020 20:08

    Latest News