හිටපු ජනපති මෛත්‍රීගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

අගෝ 26, 2020

    පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් තිබෙනවා.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාට පැමිණෙන ලෙස කොමිසම විසින් පසුගිය දා දැනුම් දීමක් කර තිබිණි. එහෙත් සිරිසේන මහතා සඳහන් කර සිටියේ සිය නිවසට පැමිණ අදාළ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි.

    ඒ අනුව අද (26) කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවසට පැමිණ තිබේ.

    Latest News