පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් සිය වාර්තා වැඩසටහන මගින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබුණේ 2020 වසර තුළදී බවට විමර්ශන මගින් අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මුල්වරට අනාවරණය කළා.

පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් තිබෙනවා.

ැපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින ‘හෙට ගහනවා‘ යැයි තමන් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළ ද ඔහු එම තොරතුර බැරෑරුම් ලෙස නොසැලකූ බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසයි.

පෙර වර්ෂවලට සාපේක්‍ෂව 2012 වර්ෂය වනවිට ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් රාජ්‍ය බුද්ධි සේවය නිරීක්ෂකණය කළ බව, එහි හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණය කළේය.

සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ පාස්කු ප්‍රහාරයට පෙර ඉකුත් වසරේ ජනවාරි මාසයේ දී, ජාතික ආරක්‍ෂක කවුන්සිලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කර තිබූ බව, ජාතික බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කළේය.

තඹ කර්මාන්ත ශාලාවෙන් උපයාගත් මුදල්වලින් කොටසක් පාස්කු ප්‍රහාරය සංවිධානය කළ සහරාන් නමැත්තාට ලබාදී ඇති බව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණයේදී හෙළි වී තිබේ.

තවුහිද්‌ ජමාත්‌ සංවිධානයේ සහරාන්‌ හෂීම්ට ඉන්දියාවට පළායාම සඳහා හිටපු අමාත්‍යවරයෙකුගේ සොහොයුරෙකු වූ රිෆ්ඛාන්‌ බදියුදීන්‌ සහය දැක්වූ බවට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියෙකු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ කොම්සම හමුවේ ඊයේ යළි තහවුරු කළා.

දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම්හලේ බෝම්බය පුපුරුවා ගත් ජමිල් මොහොමඩ් නමැත්තා ඇතුළු අයි එස් අයි එස් සංවිධානයේ මතවාදයට ගැති වූ තවත් 92 ගේ නම් ලැයිස්තුවක් 2017 වසර වනවිට හඳුනාගෙන තිබූ බව, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙළිවිය.

Latest News