කොවිඩ් ප්‍රතිකාර සඳහා තවත් නව නිර්මාණයක්

අගෝ 25, 2020

    කොවිඩ් 19 වෛරස ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ යන්ත්‍රය () නිපුණතා සංවර්ධන,වෘත්තීය අධ්‍යාපන,පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය විසින් නිරීක්ෂණය කළාය.

    මෙම යන්ත්‍රය නිර්මාණය කළ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක් වන ඩිල්ශාන් අබේවර්ධන මහතා විසින් මෙම යන්ත්‍රය අමාත්‍යවරියගේ නිරීක්ෂණයට යොමු කෙරිණ.

    කොවිඩ් 19 වෛරස ආසාදනය වේගයෙන් පැතිරි ගිය පසුගිය කාලසීමාව තුළදී, එය පාලනය කිරීම,පර්යේෂණ කටයුතු,ප්‍රතිකාර කටයුතු ආදිය සඳහා නව නිර්මාණ 780ක් පමණ මෙරට දී නිර්මාණය විය.

    Latest News