බන්දුල කරපු දේමයි අපිත් කෙරුවේ - ඇමති අකිල (වීඩියෝ)

ජන 07, 2019
  • කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යාව සම්බන්ධව බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රතික්ෂේප කරයි.

    අතීතයේදී ද මෙවැනි ස්ථාන ලබාගත් පෞද්ගලික පාසල් දරුවන් සිටි බවත්, මෙවැනි තත්වයක් අලුත් දෙයක් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    ඇමති අකිල විරාජ් - “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුවත් ආණුඩුක්‍රම ව්‍යාවස්තාව අනුවත් සෑම අයෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා. බන්දුල ගුණවර්ධන මහතා කියන විදිහට මේක අලුතෙන් ආපු දෙයක් නෙවෙයි. එතුමාගේ කාලයේත් ජාත්‍යන්තර පාසල්වල දරුවෝ යම් යම් ස්ථාන ලබාගෙන තියෙනවා. අපොස උසස් පෙළට රජයේ පාසල්වලිනුත් ඉල්ලුම් කරන්න පුලුවන්කම තියෙනවා. පෞද්ගලික පාසල්වලිනුත් ඉල්ලුම් කරන්න පුලුවන්කම තියෙනවා. තමන්ම අධ්‍යාපනය ලබල විභාගයට ඉල්ලුම් කරන්නත් පුලුවන්කම තියෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට උසස් පෙළ විභාගයට මුහුණ දීමට අයිතිය තිබෙනවා. ඒ නිසා බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය සාධාරණ නැහැ“ යැයි ඔහු කියා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතාමත් කණගාටුවට පත්වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සිය ටුවිටර් ගිණුමේ පණිවුඩයක් තබමින් පසුගිය දා කියා සිටියේය. අධ්‍යාපනය යනු දැනුම බවත්, එය නිදහස් අධ්‍යාපනයෙන් හෝ මුදල් ගෙවා හෝ ලබාගැනීම වැදගත් බවත් ඒ අනූව, ඉදිරි පරපුර අධ්‍යාපනය ලබාගැනීමට සෑමවිටම උනන්දු කළ යුතු බව ද ඔහු කියා සිටියේය.

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 20:41

    Latest News