එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර දේ හන්දි ගානේ කතා කිරීම වැරැද්දක් - මහ ලේකම් අකිල

දෙසැ 11, 2019

    එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර දේවල් හන්දි ගානේ කතා කිරීම වැරදි ක්‍රියාවක් වන අතර පක්ෂයේ අනාගත වැඩපිළිවෙල නායකත්වය විසින් පත් කළ කමිටුව මඟින් තීරණය කරනු ඇති බව එජාප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

    මෙම කමිටුව සියලු පාර්ශවයන් නියෝජනය වන හෙයින් අනාගත වැඩපිළිවෙල එම කමිටුව හරහා තීරණය කරන බවත් කාරියවසම් මහතා අවධාරනය කළේය. සිය ආණ්ඩු සමයේ හිටපු ජනාධිපතිවරයාගේ බාධා කිරීම නිසා දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් වෙත සාධාරණය ඉටු කිරීමට නොහැකි වූ අතර එම සියලු කාර්යයන් ඉදිරියේදී ඉටු කළ යුතු බවයි හෙතෙම අවධාරණය කළේ

    Latest News