වාරිමාර්ග හිටපු ලේකම්ගේ වරෙන්තුව තවදුරටත්

ජන 07, 2019

    ගිං නිල්වලා යෝජනා ක්‍රමයට අනූමත මුදල චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වී ඉන් සියයට පහක මුදලක් අත්තිකාරමක් ගෙන රජයේ රුපියල් මිලියන 4012ක් සාවද්‍ය පරිහරණය කිරිමේ චෝදනාවට වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් සිල්වාට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට විත්තිය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) ප්‍රතික්ෂේප කළේය. 

    විත්තියේ නීතිඥ ලාල් කුලරත්න කියා සිටියේ තම සේවා දායකයා ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබා දීම සහ අවශ්‍ය ලේඛන ඉදිරිපත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව වරෙන්තුව ආපසු කැඳවන මෙන් ඉල්ලා ඔහු ඉල්ලා සිටියේය.

    2018 සැප්තැම්බර් 20 වනදා නවසීලන්ත රජය හරහා විත්තිකරුට දීර්ඝ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළ බවත් විත්තිකරුගේ ප්‍රකාශය පොලිසියේ සීමාවන්ට යටත්ව සිදු කර ඇති බවට නීතිපතිවරයා අද උපදෙස් ලබා දී ඇති බවත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටියේය. පසුගිය වසරේ මාර්තු 18 වනදා මෙම අධිකරණය මගින් නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තුව නවසීලන්ත රජයට යොමු කළ බවත් රතු නිවේදනයක් නිකුත් කිරීමට ජාත්‍යන්තර පොලිසියෙන් පිළිතුරුක් නැති බවත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

    සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා ලබන 28 වනදා නැවත කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    කගිං-නිල්වලා යෝජනා ක්‍රමය යටතේ අදාල ගංගා දෙකේ ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව ගලා යෑම වර්ෂාපතනයෙන් වැටෙන ජලය හේතුවෙන් ගංඟා පිටාර ගැලීම් නවත්වා හම්බන්තොට ඇතුලු ප්‍රදේශ වලට ජලය ලබා දීම සඳහා මේ යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට අනුමැතිය ලබා ඇත. දුෂණ විරෝධී හඩ සංවිධානය සිදු කළ පැමිණිළ්ලකට අනුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කර ඇත.

     

     

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 19:29

    Latest News