ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නැවත විවෘත කෙරේ

අගෝ 14, 2020

    කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග වසාදැමුනු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද (14) දින සිට යළි ජනතාවට විවෘත කර තිබේ.

    ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින්ගේ නිරෝධායන කාල සීමාව ඊයේ (13) දිනයෙන් අවසන් වීමත් සමග කාර්යාලයේ සාමාන්‍ය රාජකාරී කටයුතු අද දින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරම්භ කර ඇත.

    ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු පසුගිය 30 වනදා කොවිඩ් 19 ආසාදිතයෙක් බවට තහවුරු කර ගෙන තිබුණි.

    ඉන් පසුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තවකාලිකව වසා දැමීමට අදාළ බලධාරීන් විසින් තීරණය කළේය.

    Latest News