සියලුම විශ්වවිද්‍යාල අගෝස්තු 17 විවෘත කෙරේ (වීඩියෝ)

අගෝ 14, 2020
  • දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල මෙම මස 17 වෙනිදා සිට විවෘත කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කර සිටිනවා.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වෛද්‍ය පිඨයන් හි අවසන් වසරේ හා තෙවන වසරේ පැවති අවසන් විභාගයන් සාර්ථකව අවසන් කළ බවයි.

    මේ දක්වා නේවාසිකාරවල එක් කාමරයක එක් සිසුවෙක් පමණක් සිටි නමුත්, අධ්‍යයන කටයුතු ආරම්භ වීමෙන් පසුව සාමාන්‍ය පරිදි නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් සලසා දෙන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සියලු සරසවිවල වැඩකටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය පියවරයන් ගෙන ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    Last modified on සිකුරාදා, 14 අගෝස්තු 2020 20:11

    Latest News