ආනයනයට තහනම් ආහාර කන්ටේනරයක් රේගුව බාරයට

අගෝ 14, 2020

    මේ දිනවල ආනයනය තාවකාලිකව තහනම් කර ඇති ආහාර පාන කිහිපයක් අඩංගු කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුව බාරයට ගෙන තිබේ.

    අප වාර්තාකරු පවසන්නේ එහි තිබී රුපියල් කෝටි 06ක පමණ ආහාර ද්‍රව්‍ය හමුවී ඇති බවයි. විදේශයකට ගොස් පැමිණි ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු තම පෞද්ගලික භාණ්ඩ ලෙස සඟවා මෙම ආහාර පාන නීති විරෝධි ලෙස ගෙන්වා ඇති බව වාර්තාවේ. තීරු බදුවලින් නිදහස්වීමේ අරමුණෙන් ඒවා මෙලෙස සඟවා ගෙන්වන්නට ඇතැයි සැකකෙරේ. තහනම් භාණ්ඩ සහිත කන්ටේනරය සොයාගෙන ඇත්තේ, ශ්‍රී ලංකා රේගුවට ලැබුණු තොරතුරකට අනුවයි.

    Latest News