ලංකාපුර 325ක් PCR පරීක්ෂණයට

ජූලි 31, 2020

    ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු කාර්ය මණ්ඩලය හා අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    ඔහුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙක් පූනානි කඳවුර වෙත නිරෝධායන සඳහා යොමුකර තිබේ. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොරෝනා ආසාදිතයෙක් සොයා ගැනුණේ පසුගිය 16 වැනිදායි. අදාළ ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වෙයි. ඊයේ හඳුනාගත් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයා ද එම ආසාදිතයාගේ ආශ්‍රිතයෙක් බවයි, වාර්තා වන්නේ.

    ඒ අනූව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ 325 දෙනෙක් පමණ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 09:37

    Latest News