මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2871ක්

අගෝ 11, 2020

    මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (10) තවත් ආසාදිතයින් 27ක් හඳුනා ගැනීමත් සමගයි.ඊයේ දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින් 27දෙනා අතර සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 දෙනෙක් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඔවුන් සියලුදෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටින අයයි.

    මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් ද, ඊයේ දිනයේ කොවිඩ්-19 රෝගීන් ලෙස හඳුනාගැණුනි.

    ඒ අනූව මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 267 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    ආසාදිතයින් 2593 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    Last modified on අඟහරුවාදා, 11 අගෝස්තු 2020 10:20

    Latest News