කීඩෑ උවදුරකින් මැදිරිගිරිය කුඹුරු අක්කර 2000කට හානි

අගෝ 08, 2020

    පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ කීඩෑ හානි හේතුවෙන් කුඹුරු අක්කර 2000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

    කීඩෑ උවදුර හේතුවෙන් විනාශ වී ඇත්තේ, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වඩිගවැව,එළබටුවැව,තලාකොළවැව,නිකහේන,මීගොල්ලෑව යන ප්‍රදේශවල ගොවිබිම්. ගොවීන් එම කීඩෑවන් අනෙකුත් භූමිවලට පැතිරි යනු ඇති බියෙන් එම ගොවිබිම් ගිනි තබා තිබේ.

    මෙම නිසා ගොවීන්ට සිදුවූ පාඩුව සඳහා වන්දියක් ලබා දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

    Latest News