මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 2,537ක්

අගෝ 06, 2020

    කොවිඩ් 19 රෝගය වැලදී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,537 දක්වා ඉහළ ගොස් තිබේ. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 291ක් පමණයි.

    රෝගය වැළදුණු 5 දෙනෙක් ඊයේ මෙරටින් වාර්තා විය. ඔවුන්ගෙන් දෙදෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින්. තවත් අයෙක් පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටයි. එක් පුද්ගලයෙක් වාර්තා වී ඇත්තේ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැඳවියන් අතරින්. වාර්තා වූ තවත් අයෙක් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් බවයි වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 13:21

    Latest News