අලි කරදරයක් නිසා විජයපුර නොසන්සුන්

අගෝ 06, 2020

    අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ සිට අනුරාධපුර තුන්වන පියවර ප්‍රදේශයට අද උදේ වන අලි දෙදෙනෙක් කඩා වැදී තිබේ.

    ප්‍රදේශයෙන් වනඅලි දෙදෙනා පළවාහැරීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි. වනඅලි දෙදෙනා නිවාසවල තාප්ප බිම දමමින් ප්‍රදේශය පුරා සැරිසරා ඇති බවයි, අප වාර්තාකරු සදහන් කළේ. එම ප්‍රදේශය අධික ජනාවාස සහිත ප්‍රදේශයක්. අනුරාධපුර මූලස්ථාන පොලීසියේ පොලිස් නිලධාරීන් සහ අනුරාධපු වනජීවී කාර්යාල නිලධාරීන් වනඅලි දෙදෙනා එම ප්‍රදේශයෙන් කැලෑබද ප්‍රදේශයක් වෙත පලවාහැරීමට මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

    Latest News