තාක්‍ෂණයෙන් ඩොලර් හොයන්න අජිත් පීගෙන් සැලැස්මක් (වීඩියෝ)

ජන 05, 2019
  • තාක්‍ෂණ ක්‍ෂේත්‍රය ඔස්සේ අමෙරිකානු ඩොලර් බිලියනයක ආදායමක් මේ වනවිට ලැබෙමින් පවතින බව, අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    එසේම, “ට්‍රේස් එක්ස්පර්ට් සිටි“ ව්‍යාපෘතිය සඳහා, අදාළ පාර්ශ්ව සහභාගි කර ගනිමින්, එහි ඇති ගැටලු සොයා බලා, ඒවා නිරාකරණයට කඩිනමින් පියවර ගන්නා බව ද ඔහු කියා සිටී.

    මරදාන “ට්‍රේස් එක්ස්පර්ට් සිටි“ ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. තාක්‍ෂණික ක්‍ෂේත්‍රය හා ඊට අදාළ නිෂ්පාදන ක්‍ෂේත්‍රවලට සම්බන්ධ ව්‍යාපාරිකයන්, තාක්‍ෂණවේදීන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා...“අද වනවිට අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ ආදායමක් තොරතුරු තාක්‍ෂණය විසින් සහ සම්බන්ධ නිෂ්පාදනයන් මගින් අපේ රටට ලැබෙමින් තිබෙනවා. මෙහි වටිනාකම තමයි මේ ආදායමෙන් සියයට 95ක් පමණ අපේ රටට ලැබෙනවා.

    සමහර කර්මාන්ත, අපි ඇගලුම් කර්මාන්තය ගත්තොත් ඇඟලුම් පිටරට යැවීමෙන් හොයන මුදලින් විශාල මුදලක් අපි නැවත අමුද්‍රව්‍ය සඳහා පිටරට යවනවා. ඒ අනුව රටට ලැබෙන ලාභයෙන් තොරතුරු තාක්‍ෂණය ක්‍ෂේත්‍රය මේ රටට ඉතාම වටින ක්‍ෂෙත්‍රයක්.

    ඉතාමත්ම සතුටු වෙනවා විෂය බාර අමාත්‍යවරයා වශයෙන් පත්වෙලා දින කිහිපයක් තුළ “ට්‍රේස් එක්ස්පර්ට් සිටි“ ව්‍යාපෘතිය අධ්‍යයනය කරන්න පැමිණිලා. මේ රටේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකයන් අයිසිටී ආයතනය ඇතුලු ඒ රජය හා සම්බන්ධ තාක්‍ෂණ ආයතනවල නායකත්වය මේ සියලුම දෙනා සමඟ මේ ස්ථානයට පැමිණිලා සත්‍ය තත්වය අධ්‍යයනය කිරිම තමයි මගේ මේ අරමුණ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 05 ජනවාරි 2019 21:35

    Latest News