එක්සත් ජාතික පක්ෂයේ 2020 කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා අජිත් පී පෙරේරා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා යන මන්ත්‍රීවරු පත් නොකෙරෙන බව, පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් පක්ෂ සාමූහික විනය කඩ කිරීමේ චෝදනාව මත එම පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහා අද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් බන්ධනාගාරය වෙත පැමිණියා.

මිලේනියම් චැලෙන්ජි කෝපරේෂන් (MCC) ගිවිසුමේ, රටට අහිතකර කුමන වගන්තිය ද කියා හෙළි කරණ ලෙස අභියෝග කරන බව අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළ කළ පුවත්පත් දැන්වීමක වත්මන් යුද හමුදාපතිවරයාගේ ඡායාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට අද(14) පැමිණිල්ලක් ලැබී තිබේ.

තාක්‍ෂණ ක්‍ෂේත්‍රය ඔස්සේ අමෙරිකානු ඩොලර් බිලියනයක ආදායමක් මේ වනවිට ලැබෙමින් පවතින බව, අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

Latest News