මිලේනියම් චැලෙන්ජි කෝපරේෂන් ගිවිසුමේ රටට අහිතිකර වගන්තිය ගෝඨාභය හෙලි කළ යුතුයි - අජිත් පී (වීඩියෝ)

නොවැ 02, 2019

    මිලේනියම් චැලෙන්ජි කෝපරේෂන් (MCC) ගිවිසුමේ, රටට අහිතකර කුමන වගන්තිය ද කියා හෙළි කරණ ලෙස අභියෝග කරන බව අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

    මාධ්‍ය කරුවෝ හැටියට, මෙම වගන්තියේ කුමන වගන්තිය ද රටට අහිතකර කියා, ගෝඨාභය ඇතුළු පාර්ශවලින් ප්‍රශ්න කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහේයුම් කාර්යාලයේ ප්‍රවෘත්ති සංකච්ඡාවකට එක්වෙමිනි

    මාධ්‍ය වේදීන් සඳහා “සත්‍ය පුර” මහල් නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස 1000 ක් ඉදිකිරිමට සුදානම් බව අමාත්‍ය අජිත් පී. පෙරේරා එහිදි පැවසිය. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් මෙම නිවාස යෝජනා ක්‍රමය ගැන කිසිදු මාධ්‍යකින් ප්‍රචාරයක් නොලැබීම කණගාටුවට කරුණක් බව ඔහු ප්‍රකාශ කළේය. ඒම පණිවුඩය පිළිබදව දැනුවත් කරන ලෙස මාධ්‍ය මගින් ඉල්ලා සිටියේය.

    අජිත් පී පෙරේරා....
    මෙරට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ධුරය දරපු කාල වකවානුවේ, මාධ්‍යවේදීන්ට භීෂණයට ලක්වුණා. ඒම කාලය තුළ මාධ්‍යවෙදීන් වැඩිම පිරිසක් ඝාතනය වූ යුගයයි. වැරදිලාවත්, ගොඨාභය දිනුවොත් මාධ්‍යවෙදීන්ට අදුරුතම යුගයකට මුහුණදීමට නැවතත් සිදුවෙනවා.
    මිලේනියම් චැලෙන්ජි කෝපරේෂන් ගිවිසුම ගැන විවිධ පාර්ශව යොදා ගනිමින් අසත්‍ය වපුරමනින් සිටිනවා. මෙම ගිවිසුම අත්සන් කරළා නැහැ. ඒහි දී, ගෝඨාභයගේ ප්‍රචාරක කණ්ඩායම, කාදිනල්තුමා සම්බන්ධ කරමින් ව්‍යාජ පුවතත් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. එම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව කරුණු හෙළිදරව් වී තිබෙනවා.

    මෙම මිලේනියම් චැලෙන්ජි කෝපරේෂන් (MCC) ගිවිසුමේ, රටට අහිතකර මොන වගන්තිය ද ඒහෙම වගන්තියක් තිබෙනවා නම්, ඒම වගන්තිය කුමක් ද කියලා රටට හෙළිදරව් කරන්න කීයලා අභියෝග කරනවා. මාධ්‍ය කරුවෝ හැටියට, මෙම වගන්තියේ කුමන වගන්තිය ද රටට අහිතකර කියලා, ගෝඨාභය ඇතුළු පාර්ෂවලින් ප්‍රශ්න කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම, රටට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක ආධාර මුදලක් ලැබෙනවා. ණයක් නොවෙයි. මෙය තනිකරම, ආධාර මුදලක්, ණයක් නොවෙයි මේ හරහා රටට ලැබෙන ඉතාම වාසි සහගත ගිවිසුමක් යැයි ඔහු කියා සිටියේය.

     

     

     

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 20:20

    Latest News