අල්ට්‍රාසොනික් තාක්‍ෂණයේ පළමු ශල්‍යකර්මය (වීඩියෝ)

ජන 05, 2019
  • අල්ට්‍රාසොනික් තාක්‍ෂණය මගින් මෙරට සිදු කෙරුණු උගුරේ පිළිකා පළමු ශල්‍යකර්මය ඉතා සාර්ථක බව, වෛද්‍යවරු පවසති.

    එය අද සිදු කෙරුණේ, හෝමාගම මූලික රෝහලේදීය. උගුරේ පිළිකාවක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමේදී සාමාන්‍යයෙන් කැපුම් කිරීමට සිදුවේ. එහෙත්, “ට්‍රාන්ස්ඕරල් එන්ඩර්ස්කොපි අල්ට්‍රාසොනික්“ නමැති මෙම ක්‍රමය මගින් සිදු කෙරෙනුයේ අල්ට්‍රාෙසානික් තාක්‍ෂණය හා කැමරාවක් භාවිත කර ශල්‍යකර්මය සිදු කිරීමයි.

    එය මෙරටදී භාවිත කෙරුණු පළමු අවස්ථාව වන අතර විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා විසින් සැත්කම සිදුකරනු ලැබීය. ශල්‍යකර්මයට ලක්කර ඇත්තේ පානදුර පදිංචි වයස අවුරුදු 60ක පුද්ගලයෙකි. සැත්කම පිළිබඳ අදහස් පළ කළ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා....

    “බෙල්ලේ කිසිම කැපුමක් නැහැ. කැමරාවක උපකරණයෙන් අල්ට්‍රාසොනික් තාක්‍ෂණය උපයෝගි කරගෙන උගුරේ තියෙන පිළිකාව ඉවත් කිරීම කරනු ලැබුවා. මේ අවස්ථාවේ දී සියයට 90ක්, 95ක් විතර පිළිකාවක කොටස අයින් කෙරුවත් මුලික අවස්ථාවකදී අපට පිළිකාව හඳුනගන්න පුලුවන් වුණොත් මේ අල්ට්‍රාසොනික් තාක්‍ෂණය උපයෝගි කරගෙන සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම සිදුකරන්න පුලුවන්.

    මෙම ක්‍රමය අපේ රටට අලුත් වුණාට අමෙරිකාව සහ බටහිර රටවල දී හුඟාක්ම උපයෝගි කරගන්නවා. මොකද මේ මගින් ඇතිවෙන සංකුලතා හුඟක් අඩු බවයි “විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා කියා සිටියේ.

    Surgery 01 px 900 19 01 05

    හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්‍ෂ සුභාෂණී පඬුවාවල මහත්මියගේ මඟපෙන්වීමෙන් සැත්කම සිදුකර තිබේ.

    Last modified on සෙනසුරාදා, 05 ජනවාරි 2019 21:19

    Latest News