ක්‍රිකට් කෑවේ පාලනය සහ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් - මුරලී (වීඩියෝ)

ජන 05, 2019
  • රටේ ජනතාවට සේවය කරන්න දේශපාලනය අවශ්‍යය නැති බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඔහු සමාජිකත්වය දරණ ගුණ ජය සතුට පදනම මගින් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් 22 ක සිසුන් 850 දෙනෙකුට රුපියල් 2300 ක් වටිනා පොත් සහ බෑග් කට්ටලයක් අද ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

    මෙම මාධ්‍ය හමුවේදි මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ තමන් ජනතාවට සේවය කරන්නේ දේශපාලනට පිවිසිමේ අරමුණින් නොවන බවත්, රටේ ජනතාවට තමන්ගෙන් සිදු විය යුතු යුතුකමක් ඉටු කිරිම සදහා බවයි. රටේ ජනතාව නිසි ලෙස බදු ගෙවා ඔහුන්ගේ සේවය රටට නිසියාකාරව සිදු කර දේශපාලනයේදි නිසි තිරණ ගන්නේ නම් මේ රට මිට වඩා ඉහල තත්ත්වයක තැබිය හැකි බවයි ඔහු කියා සිටින්නේ.

    මේ රටේ 45% ක ජනතාවක් ඩොලර් දෙකක් වැනි දෛනික වැටුපකට රැකියාව කරන බවත්, එම වැටුපෙන් එම ජනතාවට ජිවත් විය නොහැකි නිසා ඔහුගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට රටේ දේශලපාඥයින් කටයුතු කල යුතුයි. දේශපාලඥයින් බල තණ්හාවෙන් ජිවත්වන බවත්, තම සේවය අවංකව ඉටු කරන්නේ නම් බියෙන් ජිවත් විමට අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු අවධානරය කර සිටි.

    වර්තමානයේ ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව පත්ව ඇති තත්ත්වය පිලිබදව තමන් කණගාටු වන බවත්, එයට ක්‍රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ද වගකිය යුතු බවයි මුත්තයියා මුරලිදරන් කියා සිටියි. වතු කම්කරුවන් මේ රටේ අඩු වැටුපකට සේවය කරන ජනතාවක් බවත්, ඔහුන්ගේ ජිවන තත්ත්වය මිට වඩා ඉහල දැමිමට ඔහුන්ගේ දෛනික මුලික වැටුප රු 1000 කට වඩා වැඩි විය යුතු බව මුරලිදරන් පෙන්වා දෙයි.

    Last modified on සෙනසුරාදා, 05 ජනවාරි 2019 20:18

    Latest News