පුත්තලම ලක්විජය ගල් අගුරු විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එහි විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා තැබීමට සැලසුම් කර ඇතැයි, විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

අනිවාර්ය නඩත්තු කටයුතු වෙනුවෙන් ලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමීමක් සිදුවන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ලක්විජය ගල්අගුරු බලාගාරය කිසිඳු පරිසර ගැටළුවක් නොමැතිව ක්‍රියාත්මක වන බවත්, මින් ඉදිරියට කිසිම අවස්ථාක ගැටළුවක් නොවී එය ක්‍රියාත්මක කරවීමට සැම දෙනාගේම සහය ඇතිව කටයුතු කළ යුතු බවත්,  විදුලි හා බලශක්ති ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

Latest News