ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ්19 (වීඩියෝ)

ජූලි 30, 2020
  • ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

    මෙම නිලධාරියා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ මිට දින දෙකකට පෙර සිදුකළ PCR පරීක්ෂණයකදිය. මෙම පුද්ගලයා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් වන අතර ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක්ව නොසිටි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

    මෙම නිලධාරියා ලංකාපුර ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයට, ආයුර්වේද රෝහලකට මෙන්ම බැංකුවකට පසුගිය දින වලදී ගොස් ඇති බවයි දැනට සිදුකර ඇති මුලික පරීක්ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත්තේ.

    Latest News