යහපාලන රජය සමයේ වංචා දූෂණ මේ වනවිට හෙළි වෙමින් පවතිනවා - අගමැති (වීඩියෝ)

ජූලි 30, 2020
  • යහපාලන රජය සමයේ වංචා දූෂණ මේ වනවිට හෙළි වෙමින් පවතින බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    නාවලපිටියේ අද පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනහමුව සංවිධාන කර තිබිණ.

    මහනුවර, දවුලගල ප්‍රදේශයේ අද පැවති ජනහමුව පැවැත්වුණේ ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්‍ෂයේ මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.එස්.එම්. සාෆි මහතා එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.

    අග්‍රාමාත්‍යවරයා අනතුරුව සහභාගි වුණේ, ගම්පොළ, දොළුව නගරයේ පැවති ජනහමුවකටයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජූලි 2020 20:19

    Latest News