මොනරාගල දිස්ත්‍රික්කය පුරා ග්‍රාමීය ජල ව්‍යාපෘති 16ක්

ජූලි 30, 2020

    මොනරාගල දිස්ත්‍රික්කය පුරා ගම්මාන 30ක් ආවරණය කරමින් ග්‍රාමීය ජල ව්‍යාපෘති 16ක් ආරම්භ කර තිබේ.

    ඒ යටතේ ඉදි කෙරුණු බෙල්ලන්ඔය ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘතිය පසුගියදා විවෘත කෙරිණ. වැය කෙරුණු මුදල රුපියල් මිලියන 173ක්.

    ප්‍රදේශයේ ජල ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාවට නංවන්නේ නාගරික සංවර්ධන, ජල සම්පාදන, නිවාස පහසුකම් අමාත්‍යාංශයයි.

    පොල්ගහපිටිය හා රත්තනදෙණිය ග්‍රාමසේවා වසම් දෙකෙහි පවුල් 875කට පමණ මෙමගින් සෙත සැලසේ. බෙල්ලන්ඔයෙන් ජලය ලබාගෙන ජලය පිරිසිදු කර බෙදා හැරීම ව්‍යාපෘතියෙන් සිදු කෙරේ. ඕනෑම නියං කාලයකදී වුවද කිසිදු ගැටලුවකින් තොරව නල ජලය ලබාදිය හැකිවීම මෙහි විශේෂත්වයක්. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ඇතුළු පිරිසක් ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ. දිස්ත්‍රික්කයේ මේ වනවිට ජනතා අයිතියට පත්කර ඇති ග්‍රාමීය ජල ව්‍යාපෘති සංඛ්‍යාව 09ක්. තවත් ව්‍යාපෘති 7ක් නුදුරේදීම ජනතා අයිතියට පත් කෙරෙනු ඇත.

    Latest News