මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

ජූලි 30, 2020

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි.

    අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රී වීදි සංචාරය කළේය. ඒ රාත්‍රී 7.13ට යෙදුණු සුබ මොහොතින්. කරඬුව වැඩම කරවනු ලැබුවේ, සිංහ රාජා හස්තියායි. මියන්රාජා සහ බුරුම රාජා දෑලේ ගමන් කළේය. පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ගමන්කර ගෙවදීම සිදු කෙරිණ.

    Latest News