බෝපිටිය අවට පැය 16ක ජල කප්පාදුවක්

දෙසැ 10, 2019

    ජාඇල ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රධාන ජල සැපයුම් නලයක ජල කාන්දුවක් අළුත්වැඩියා කිරීම හේතුවෙන් අද (10) පෙ.ව 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය.

    ඒ අනූව පමුණුගම,නුගපේ,උස්වැටකෙයියාව,බෝපිටිය,ඇලෙන් එගොඩ හා සේදවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.

    ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිහරණය කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 07:54

    Latest News