අංගොඩ ලොක්කාගේ කුඩු බෙදූ උකුස්සා අල්ලයි

ජූලි 30, 2020

    බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන උකුස්සෙකු සොයාගෙන තිබේ.

    පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන "අංගොඩ ලොක්කා" විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට මෙම උකුස්සා යොදාගත් බවට තොරතුරු ලැබී ඇත.

    ඒ අනුව, වායු රයිෆලයක්, පතරොම් 10ක් සමග ගොවිපලේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු මෙසේ අතුරුගිරිය පොලීසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් දෙදෙනා අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු බවද වාර්තාවේ.

    "කුස ඇලි මුහුදු උකුස්සා" නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව ඇතැයි සැළකේ.

    අතුරුගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News