2014 වසරේ බත්තරමුල්ලේ පිහිටි සිය නිවසේදී මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කල පින්තාරු කරුවෙකුට කොළඹ මහාධිකරණය මගින් නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් ස්ථිර කළා.

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් මරණීය දණ්ඩනය නියම කළා.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 274 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේවගේ තුසිත චාමර හෙවත් කුඩු තිලාන් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් වසරේ ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගයක් ඔක්තෝබර් මස 15 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මරණීය දණ්ඩනය අහෝසි කිරීමට අදාළව ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන යෝජනාවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බවට තීන්දු කර ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අමෙරිකාව වසර 15කට පසු මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මරණ දඩුවම ලබා දීම පිළිබඳ ජනතාවගේ මත විමසීමක් ජනාධිපති කාර්යාලය විසින් ආරම්භ කර තිබේ. මෙම මත විමසීම සිදු කරනු ලබනුයේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සමගාමීවයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන ඔක්තෝබර් මස 30වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට  බලයක් නොමැති බවට නීතිපතිවරයා විසින් මතු කර තිබෙන මූලික විරෝධතාව පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීම හෙට දිනට කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

මරණ දඩුවම දියයුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව තමන් වෙත ලැබී ඇති බවත්, නුදුරේදීම එය ක්‍රියාත්මක කරන බවත් ජනපති පවසයි.

Latest News