සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු නොපිරිහෙලා ඉටු කරනවා..

ජූලි 27, 2020

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙලා ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය සහ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය දෙන ලෙසයි.

    පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා නිකවැරටිය පොළ භූමියේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. එම ජනහමුව සංවිධාන කරන ලද්දේ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින්. මේ අවස්ථාවට වැඩම කර සිටි මහා සංඝරත්නය ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් එතුමාට සෙත් ප්‍රාර්ථනා කළේය. පෙරපාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පත් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය ඉහළින් අගය කරමින් පෙරපාසල් ගුරුවරියන් පිරිසක් මෙහිදී කියා සිටියේ, එය දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට ගත් දැවැන්ත පියවරක් බවයි.

    නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස සිසුන් පිරිසක් කළ ඉල්ලීම වහාම ඉටු කරන ලෙස ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නේය.

    Last modified on සදුදා, 27 ජූලි 2020 13:14

    Latest News