විදෙස් නෞකාවල සේවය කළ ලාංකිකයින් පිරිසක් දිවයිනට

ජූලි 27, 2020

    විදෙස් රටවල සිට ශ්‍රී ලාංකිකයන් ඇතුළු ගුවන් මගීන් 55 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

    කටාර් සිට පැමිණි කිව්.ආර්.668 දරණ ගුවන් යානයෙන් අද අලුයම 1.30ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි, වාර්තා වන්නේ.

    විදේශ රටවලට අයත් නෞකාවක සේවය කළ ශ්‍රි ලාංකිකයන් 47 දෙනෙක් සහ මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල සේවය කරන පවුල් දෙකකට අයත් නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අට දෙනෙක් ද එලෙස දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව මෙම පිරිස පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර තිබිණ.

    Last modified on සදුදා, 27 ජූලි 2020 11:56

    Latest News