ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට

ජූලි 27, 2020

    අලව්ව දුම්රිය ස්ථානයේ දී කාර්යාලීය දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සිදු වූ බාධා මේ නව විට ඉවත් කර තිබේ.

    අද උදෑසන 5.30ට රඹුක්කන සිට ධාවනය වූ කාර්යාල දුම්රිය මෙලෙස කාර්මික දෝෂයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය වූ බවයි, දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.

    කෙසේ වෙතත් මේ වන විට කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය යථා තත්වයට පත්කර යළි ධාවනයට එක් කර තිබේ.

    Last modified on සදුදා, 27 ජූලි 2020 09:56

    Latest News