බස්නාහිර වැටලීම්වලින් පුද්ගලයින් 364ක් අත්අඩංගුවට

ජූලි 21, 2020

    බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම් වල දී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 364ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ පෙරවරු 6.00 සිට අද පෙරවරු 5.30 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකළ බවයි, බස්නාහිර පළාත් උතුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

    එහිදී, හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 168 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර, මුව ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1708කට අවවාද කර ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 21 ජූලි 2020 11:24

    Latest News