කන්දකාඩු කොරෝනා පොකුර පාලනය කළ හැකියි...

ජූලි 13, 2020

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් 19 පොකුර පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඊයේ දිනයේ මෙරටින් වෛරසය ආසාදිතයින් 106 දෙනෙක් හඳුනා ගනු ලැබීය. කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට ඊයේ හඳුනාගත් පිරිසෙන් 76 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානයට මාරුකළ රැඳවියන්. තවත් 14 දෙනෙක් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන්.

    එම මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් 6 දෙනෙකු ඊයේ හඳුනාගත් රෝගීන් අතර සිටියි. ඊට අමතරව, බෙලරුස් රාජ්‍යයේ සිට පැමිණි 5 දෙනෙකු සහ ඉරානයේ සිට පැමිණි වෙළෙඳ නාවිකයන් දෙදෙනෙකු ද හඳුනාගත් ආසාදිතයන් පිරිසට ඇතුලත්.
    බංගලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකු සහ එක්සචත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු ද එම රෝගීන් අතර වෙයි.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 1981 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටියි.  එම ප්‍රතිශතය 75.69ක්.  625 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර, එය ප්‍රතිශතයක් ලෙස 23.88ක අගයක්.

    Last modified on සදුදා, 13 ජූලි 2020 11:30

    Latest News