මෙරට මුළු ආසාදිතයින් 2617

ජූලි 13, 2020

    මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2617ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (12) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 106 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි.

    කන්දකාඩු මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14 දෙනෙක් හඳුනා ගැනිණ. එම මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත මාරු කළ රැඳවුවන් 76 දෙනෙක් ආසාදිතයන් බවට හඳුනාගැණුනි.

    එමෙන්ම කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙක් ළඟින් ඇසුරුකළ රාජංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් 06 දෙනෙක් ද වෙයි.

    මීට අමරතව ඉරානයේ සිට පැමිණි වෙළද නාවිකයන් දෙදෙනෙකුක්, බෙලරූස් රාජ්‍යයේ සිට පැමිණි 05 දෙනෙකුක්, බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙක් ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වෙයි.

    Latest News